ඉන්ධන මිල ඉහළ දැමුවේ විපක්ෂයේ ඉල්ලීම නිසයි – බලශක්ති ඇමති කියයි

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවුයේ විපක්ෂයත් වෙළෙද ප්‍රජාවත් පසුගිය කාලයේදී සිදුකළ ඉල්ලීමක් හේතුවෙන් බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ ප්‍රකාශ කර සිටිනවා.

කැස්බෑව නගර ශාලාවේ අද පැවැති ලියවරුණ කාන්තා දින සැමරුම වැඩසටහනට එක්වීමෙන් පසු මාධ්‍යවෙදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

” වීපක්ෂය සහ වෙළෙද ප්‍රජාව පසුගිය කාලයේ ඉල්ලීමක් කළා ඩොලරය පාවෙන්න දෙන්න කියලා. ඒ අය මුදල් ඇමතිවරයාට, මහ බැංකු අධිපතිවරයාට දොස් කිව්වා. රජය කල්පනා කරලා පෙරේදා ඩොලරය පාවෙන්න දැම්මා. ඊයේ වෙනකොට ඩොලරයක් රුපියල් 260ක් බවට පත්වුණා. රුසියානු යුද්ධය නිසා තෙල් බැරලය ඩොලර් 130ක් වුණා. ඒ පාඩුව දරන්න පුළුවන් කමක් නැහැ. අපි ගණනය කරලා බැලුවා කොච්චර පාඩුද කියලා අපිත් තීරණය කළා ඉන්ධන මිල ඉහළ දමන්න.” අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා,

” ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ඉරිදා දිනයේදීත් සිදුකරනු ලබනවා. පෝලිම් නැතුව ඉන්ධන ගන්න පුළුවන් නුමුත් භාණ්ඩ මිල වැඩිවෙන එක නවත්වන්න බැහැ. ඩොලරය මිල වැඩිවෙන කොට භාණ්ඩ මිල වැඩිවෙනවා. පසුගිය ආණ්ඩුව පාස්කු ප්‍රහාරය වුනාට පස්සේ ඉන්ධන ගත්ත දින 90, 250, 365 ණයට. දැන් අපට ඒවා ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා.” අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට ඉන්ධන රැගෙන ආ නෞකාවක් සඳහා ඩොලර් මිලයන 56ක් ගෙවීමට සිදුවූ බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා. එම නෞකාවේ ඉන්ධන සඳහා ගෙවීමට තිබුනේ ඩොලර් මිලියන 42ක් වුවත්, මිල වැඩිවීම හේතුවෙන් ඩොලර් මිලියන 56ක් ගෙවීමට සිදුවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

වැඩිවූ ඉන්ධන මිල හමුවේ බස් ගාස්තු පිළිබඳව හෙට දිනයේදී සාකච්ජා කිරීමට නියමිතව ඇති බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

විදුලිබල උත්පාදනය සඳහා ඉන්ධන ලබාදීම සිදුකරන බවත්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් තාප බලාගාර ක්‍රමවත් අයුරින් පාලනය කර ගැනීමක් සිදුකළහොත් ගැටලුවක් ඇති නොවන බවයි මෙහිදී බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ.

ජනතාවට ආණ්ඩුව එපා වී නැති බවත් තවත් මාස 03කින් ජනතාවට අවශ්‍ය සියලු දේ ලබාදීමට කටයුතු කරනු ලබන බවයි ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා කියා සිටියේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සම්බන්ධයෙන් ද බලශක්ති අමාත්‍යවරයා අදහස් පළකරමින් කියා සිටියේ ඔහුට පැයකට හෝ ජනාධිපති පුටුවේ වාඩිවෙන්න පුලුවෙන් වෙයි යන බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

සැයු :- මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කලේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පාවීමට ඉඩ හැරිය බවයි. එසේ වුවද අමාත්‍ය ගාමිණි ලොකුගේ අද සඳහන් කර සිටියේ විපක්ෂයේ සහ වෙළෙද ප්‍රජාවේ ඉල්ලීම මත ඩොලරය පාකිරීමට ඉඩ හැරීය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46