spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් එල්ලවූ විරෝධයට කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා ඇතිවූ ජනතා විරෝධය හමුවේ කසකස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev විසින් සිය කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම අද දිනයේදී පිළිගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන මධ්‍යම ආසියානු රටක් වන කසකස්ථානයේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග එරට ජනතාව විරෝධතා ආරම්භ කළ අතර මේ හේතුවෙන් පොලිසියේ නිලධාරීන් 100 දෙනෙකු පමණ තුවාල ලැබුවා. ඒ විරෝධතාවයන් පාලනය කිරීමට යාමේදී ඇතිවූ විවිධ සිද්ධීන් හේතුවෙන්.

පැරනි සෝවියට් ජනරජයේ විශාලතම නගරය වන අල්මාටි හි ප්‍රධාන චතුරශ්‍රයෙන් විරෝධතාකරුවන් සිය ගණනක් පලවා හැරීමට පොලිසිය ඊයේ (4) සවස් කාලයේදී කඳුළු ගෑස් සහ ස්ටන් ග්‍රෙනේඩ් භාවිතා කළේය.

කෙසේ වුවත් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු අද දිනයේදී යළි ගැටුම් ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?