ඉන්ධන මිල අඩු කෙරෙන කාලය ගැන ඉඟියක්

ඉදිරි කාලය තුළ ඉන්ධන මිල අඩු කිරීමට හැකි වනු ඇති බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍වරයා කියාසිටියේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යමින් පවතින බවයි.

පසුගිය දිනවල රුපියල ශක්තිමත් වීමත් සමඟ නව ඉන්ධන තොග අඩු මිලට මිලදී ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව කොළඹ වරායට රැගෙන එනු ලබන ඉන්ධන අඩු මුදලකට ලබා ගැනීමට හැකි වනු ඇති බවයි ඔහු කියාසිටියේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, ඒ අනුව එම මිල අඩු වීමේ ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත හිමිවන බවයි.

ඉන්ධන මිල අඩු කිරීම අනෙකුත් භාණ්ඩවල මිල අඩුවීමට ද ඉවහල් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14