ඉන්ධන මිලේ වෙනසක් ?

ඉන්ධන මිලේ යම් වෙනසක් සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ප්‍රශ්නය – නැවත වතාවක් තෙල් මිල ඉහළ යයි ද?

“දැනට පවතින තත්ත්වයන් යටතේ, ලෝක තෙල් මිල විශාල පරිවර්තනයකට පරිවර්තනය වෙමින් තියෙනවා. විශේෂයෙන්ම යුක්‍රේනය හා රුසියාව අතර ඇති වී තිබෙන යුද තත්ත්වය හා සමගාමීව ලෝක වෙළෙඳපොළෙත් විශාල වශයෙන් තෙල් මිල ඉහළ යෑමක් තියෙනවා. ඒ තත්ත්වය හරහා යම් පමණකට මෙම ආයතන දෙකම දැනටමත් විශාල පාඩුවක් විඳගෙන තමයි මේ ඉන්ධන ලබාදෙන්නේ කියන කාරණය ඔබ සියලුදෙනා දන්නවා. යම් පමණකට එවැනි වෙනස්වීමක් සිදුවෙන්නත් ඉඩතියෙනවා. ඒ ගැන තීන්දුවක් අරගෙන නැහැ. නමුත් අපි විශ්වාස කරනවා නැවත මුදල් අඩුවීමක් සිදුවුවහොත් ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල අඩු වුවහොත් එහි වාසියත් ජනතාවට ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ අපි දැඩි ලෙස ඉන්නවා”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23