spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිලදී ගන්න අසල්වැසියාගෙන් තවත් ණයක්

මෙරටට අවශ්‍ය ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජයේ අපනයන – ආනයන බැංකුවේ සහාය ලබා ගැනීමට ‍රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 500ක කෙටි කාලීන ණය පහසුකමක් ද ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සහාය යටතේ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ද ලබාගැනීමට කටයුතුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට පවතින විදේශ විනිමය හිඟය පියවා ගනිමින් අවශ්‍ය ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියානු අපනයන – ආනයන බැංකුවේ සහාය යටතේ තවත් අමරිකානු ඩොලර් මිලියන 500ක කෙටි කාලීන ණය මාලාවක් ලබාගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?