ඉන්ධන බෙදා හැරීම ගැන දැනුම්දීමක්

අද (29) පෙරවරු 6 සිට සවස 4 දක්වා කාලය තුළ ඔටෝ ඩීසල් ලීටර් 6,600ක බවුසර් 574 ක් සහ පෙට්‍රල් 92 ලීටර් 6,600ක බවුසර් 512 ක් බෙදාහැර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද බෙදා හරිනු ලැබූ ඉන්ධන තොග සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ප්‍රාදේශීය ඩිපෝවලින් අදාළ බෙදාහැරීම් සිදුකර ඇතැයි සඳහන්.

සියලුම බෙදාහැරීම් අඛණ්ඩව සිදුකිරීමට කටයුතු කළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සියලුම සේවකයින්ට ස්තූතිය පිරිනමන බව ද අමාත්‍යවරයා සිය ට්විටර් සටහන මගින් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව අවශ්‍ය ආරක්‍ෂාව අඛණ්ඩව සපයාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Fuel Distribution New


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29