spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන බෙදා හැරීම ගැන ඇමතිගෙන් විශේෂ නියෝගයක්

මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ තොග ගබඩා පර්යන්තය වෙත අමාත්‍ය කංචන විජේසේකර උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් තොග සැපයීම සඳහා යි.

අතිකාල වියදම් අඩු කිරීම සඳහා, CPC සහ CPSTL පසුගිය මාස 4 තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල ක්‍රියාත්මක වූයේ නැහැ.

මිල අඩුවීමක් අපේක්ෂාවෙන් පසුගිය සෙනසුරාදා සිට ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් ලබා නොදීම, අවම තොග පවත්වා නොගැනීම, මිල සංශෝධන සහ කෝටා වැඩිකිරීමෙන් පසු පාරිභෝගිකයන්ගේ ක්ෂණික ඉල්ලුම වැඩිවීම හමුවේ ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම තත්ත්වය මගහැර ගැනීම සඳහායි මෙලෙස සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේදීත් ඉන්ධන බෙදා හැරීම සිදුකරන ලෙසට දැනුම්දී ඇත්තේ.

Kanchana Tweets
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
14
+1
1
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?