ඉන්ධන බෙදාහැරීම කඩිනම් කිරීමට ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම කඩිනම් හා විධිමත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම ඉන්ධන ජාවාරමේ නිරත පිරිස් සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පොලීසියට දන්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර පාසල් බස්‍ රථ හා වෑන් රථ සඳහා අද (23) පස්වරු 3.00 සිට ලංගම ඩිපෝ හරහා ඉන්ධන බෙදාහැරීමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබෙනවා.

ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නා.

හඳුන්වාදුන් QR කේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද සාකච්ඡා වූ අතර, ඉදිරි ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු නිලධාරීන් අතර දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කෙරුණා.

294260735 602289558124250 1473388257545426725 n 2
294473591 602289634790909 699304873758181174 n 2
294724266 602289491457590 6471686714515415447 n
295269624 602289604790912 5931026262249600818 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14