ඉන්ධන බවුසරයේ රියැදුරා අසුන මත ජිවිතක්ෂයට

ධාවනය වෙමින් තිබූ ඉන්ධන බවුසරයක රියදුරෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමෙන් එම රථය අනතුරට ලක්ව තිබෙනවා.

මීරිගම පස්යාල මාර්ගයේ ගමන්ගත් මෙම ඉන්ධන බවුසරයේ රියදුරා හදිසියේ රෝගාතුර වී මිය යාමත් සමග ඔහුගේ පාලනයෙන් ගිලිහුණු බවුසරය අධිබලැති විදුලි රැහැනක ගැටී පොල් ගස් දෙකක් ද පෙරලාගෙන ගෙස් නතර වීම ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් රිය සහායකයා ද තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම බවුසරය සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිට ඩීසල් රැගෙන කල්මුණේ දක්වා ධාවනය වෙමින් තිබූ එකක් බව සඳහන්.

ඉන්ධන රැගත් තෙල් බවුසරය පදවාගෙන යන අතර වාරයේ රියදුරා එක්වරම රිය සහායක අසුනට ඇද වැටී ඇති අතර ඔහු හෘද රෝගියෙකු බවට ද තොරතුරු අනාවණය වී තිබෙනවා.

රියදුරා තමාගේ අසුනට ඇද වැටීමෙන් පසු රථය අධිබල විදුලි රැහැන් කණුවක ගැටී අනතුරුව පොල් ගස් දෙකක ද ගැටී නතර වූ බවයි රිය සහයකයා ප්‍රකාශ කර ඇත්තේ.

රියදුරා සහ රිය සහයකයා වහාම වතුපිටිවල රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ රියදුරා මිය ගොස් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32