spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන බවුසරයක් බත්තුළු ඔයට පෙරළී අනතුරක් (ඡායාරූප)

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයක් හලාවත – පුත්තලම මාර්ගයේ බත්තුළුඔයට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

පුත්තලම – කල්අඩියේ පිහිටි කර්මාන්ත පුරයට දැවිතෙල් තොගයක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් ආපසු කොළඹ බලා පැමිණෙමින් තිබිය දී අද (24) අලුයම මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බවුසර් රථය හලාවත – පුත්තලම මාර්ගයේ බත්තුළුඔය හරහා ඉදිකර ඇති පාලමේ ආරක්ෂත වැටද ඳ බිඳගෙන පෙරළී ගොස් ඇති අතර, එම අවස්ථාවේ රථයේ සිටි රියදුරු ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව ඔහු ප්‍රථිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ හලාවත මහ රෝහලටයි.

ඔයට පෙරළී ඇති බවුසරය මීටර් 100 ක පමණ දුරක් ගසා ගෙන ගොස් ඇති අතර, හලාවත – පුත්තලම දුම්රිය මාර්ගය හරහා ඇති කළු පාලමේ ගැටී එය නැවතී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රියදුරුට නින්ද යාම සහ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

WhatsApp Image 2023 01 24 at 8.59.28 AM 4
WhatsApp Image 2023 01 24 at 8.59.28 AM 3
WhatsApp Image 2023 01 24 at 8.59.28 AM 2
WhatsApp Image 2023 01 24 at 8.59.28 AM 1
WhatsApp Image 2023 01 24 at 8.59.28 AM
WhatsApp Image 2023 01 24 at 8.59.27 AM 1
WhatsApp Image 2023 01 24 at 8.59.27 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?