ඉන්ධන බවුසරයක් පෙරලී හපුතලේදී අනතුරක් – කාන්දු වූ තෙල් ගන්න මිනිස්සු පොරකයි (ඡායාරූප)

ත්‍රිකුණාමලය අයි.ඕ.සී. ඉන්ධන ගබඩා පර්යන්තයේ සිට හපුතලේ තෙල් ගබඩාවට ඩීසල් ලීටර් 33000ක් රැගෙන පැමිණි බවුසරයක් අද (11) උදෑසන හපුතලේ ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

බවුසර් රථය මාර්ගය ලිස්සා ගොස් පෙරළී ඇති බවයි පොලිසිය පැවසුවේ.

රථය අනතුරට ලක්වීමෙන් පසු ඉන් වෑහෙන ඉන්ධන ප්‍රදේශවාසීන් විසින් පොරකමින් භාජනවලට ලබාගන්නා බවයි වාර්තා වුණේ.

අනතුරින් බවුසර් රථයේ රියදුරු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

බවුසරයේ ඉතිරිව ඇති ඩීසල් වෙනත් බවුසරයකට ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24