ඉන්ධන පෝලිම්වල ඉන්න ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්

රට තුළ ඇති ඉන්ධන පෝලීම් ගැටලුව විසඳා ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම ඉල්ලීම සිදු කළාය. 

“පෙට්‍රල් 92, පෙට්‍රල් 95, සුපිරි ඩීසල් ගැන මේ වනවිට කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් මේ ඔටෝ ඩීසල් (සාමාන්‍ය ඩීසල්) සම්බන්ධයෙන් තාමත් දිගු පෝලීම් දකින්න ලැබෙනවා.” 

“දැන් ඉන්ධන ලැබෙමින් පැවතියත් ජනතාව අසාමාන්‍ය පරිභෝජන රටාවකට හුරුවෙලා තියෙනවා. ඒක දිගින් දිගටම ඉදිරියට ගියොත් බලශක්ති අමාත්‍යාංශයටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් මේ තත්ත්වය පාලනය කරගන්න බැරුව යනවා.” 

“රටේ සාමාන්‍ය තත්ත්වය යටතේ දෛනික ඔටෝ ඩීසල් පරිභෝජනය තිබුණේ මෙට්‍රික් ටොන් 5,500ක් විතර. දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි වෙනකොට මේක 6,500කට වගේ වැඩිවුණා.”

“ඉතින් ජනතාව මේ විදිහට අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කරන්න ගියොත් අපේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක් වෙනවා.” 

“සාමාන්‍ය තත්ත්වය යටතේ දින 2ක් 3ක් කළමනාකරණය කරගත් ඉන්ධන දැන් පැය 2ක් 3ක් යනකොට ඉවර වෙනවා.”

“මේ තත්ත්වය යටතේ කවුරු හරි අහනවා නම් මේ ප්‍රශ්නය කවදා ද ඉවර වෙන්නේ කියලා. ඒ දිනය තව ඈතට යෑමක් තමයි වෙන්නේ.”

“දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවගෙන කෑන් දෙක තුනකටත් අරගෙන යන්න.” 

“මම මහජනතාවගෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේ පුරුද්ද නතර කර ගන්න. මේක දැන් අපි පුරෝකථනය කරපු ඉල්ලුමට පිටින් යන තත්ත්වයට පත්වෙලා. ඒ නිසා ඉදිරියේදී විශාල ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ තත්ත්වය කළමනාකරණය කරගන්න ජනතාවගේ උදව් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.”

“මේ තත්ත්වය ඉදිරියට ගියොත් දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000කින්වත් ගැලවෙන්න බෑ. නැවක එන්නෙත් මෙට්‍රික් ටොන් 37,500යි 40,000යි අතර.”  

“අපි දිනක් වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන තොගය ඔබට පුළුවන් පැය කිහිපයකින් අවසන් කරන්න. ඒ නිසා මේ ගැන හිතන්න.” 

“තවත් ප්‍රශ්නයක් තමයි ගොඩක් අය අහනවා.. පෙට්‍රල්වලට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. ඊයේ වෙනකොට අපිට පෙට්‍රල් 92 තිබුණා දින 8කට ඇතිවෙන්න. පෙට්‍රල්වල දිනක පරිභෝජනය මෙට්‍රික් ටොන් 4,000ක් වගේ.” 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30