ගම්පොළ, පුස්සැල්ලාව ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැඳීසිටිය දී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙකු ඊයේ (29) මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 71ක පුද්ගලයෙක්.
පෝලිමේ රැඳී සිටිය දී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.













