spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පෝලිමක් අසළ පුද්ගල මළ සිරුරක්

මදුරන්කුලිය නගරයේ ඉන්ධන පෝලිමක් අසළ කාණුවක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

අද (13) උදෑසන එම ස්ථානයට පැමිණි පිරිසක් විසින් එය දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර පොලිසිය සැකපළ කරන්නේ ඔහු ඉන්ධන පෝලිමක රැඳී සිටි අයෙකු බවයි.

මදුරන්කුලිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?