“ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්.. පිරවුම්හල් 400 ක් පමණ වසා දැමීමට සිදුවෙලා”

ලංකා ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වාදුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ වසා දැමීමට සිදුව ඇති බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ පවසනවා.

ඉන්ධන අවශ්‍ය දිනයට පෙර දින රාත්‍රී 9.30ට පෙර ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් මුදල් ගෙවා අවසන් කළ යුතුව තිබෙනවා.

එලෙස මුදල් ගෙවීම් සිදුකිරීම අපහසු බවයි සභාපතිවරයා පවසන්නේ.

මේ හේතුවෙන් බොහෝ ඉන්ධන හල් තුළ ඉන්ධන නොමැති තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන හල් අසළ දිගු පෝලිම්ද නිර්මාණය ඇති බව ඔහු වැඩිදුරටත් පවසනවා.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වල ද එවැනිම ගෙවීමේ යාන්ත්‍රණයක් ඇතත් ඔවුන්ට ගෙවීම් අවසන් කිරීම සඳහා මධ්‍යම රාත්‍රිය තෙක් කාලය ලබා දී තිබෙන බවයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිණුමට මුදල් තැන්පත් කළද නියමිත වේලාවට ඉන් ඉන්ධන බෙදා හැරීමක් සිදු නොවූ බවයි ශ්‍රී ලංකා ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසුවේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14