කැස්බෑව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන සැපයීම අත්හිටුවා ඇති බව වාර්තා වනවා.
පසුගිය දා පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලට රැගෙන යමින් තිබූ ඉන්ධන බවුසරයක් කැස්බෑව ඉන්ධන පිරවුම්හල වෙත ගොඩබෑමේ සිද්ධියක් පදනම් කරගෙනයි මෙලෙස ඉන්ධන සැපයීම අත්හිටුවා ඇත්තේ.
ඒ අනුව නැවත දැනුම්දෙන තුරු එම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නිකුත් නොකරන බව දැන්වීමක් ද අදාල ඉන්ධන පිරවුම්හල් කළමනාකාරීත්වය පාරිභෝගිකයින්ට ප්‍රදර්ශනය කර තිබුණා.













