ඉන්ධන නොමැතිකමින් රෝහල් පද්ධතියට ඇතිවිය හැකි බලපෑම

විදුලි කප්පාදුව නිසා රෝහල් පද්ධතියට ඇතිවිය හැකි බලපෑම අවමකර ගැනීමට අවශ්‍ය ඉන්ධන  රැස් කර තබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා ඊයේ (23 ) රෝහල් පාලනාධිකාරිවලින් ඉල්ලීමක් කර තිබෙනවා

විදුලි කප්පාදුවක් සිදුවුවත් මේ වනවිට සෑම රෝහලකම සහ කොවිඩ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල විදුලි ජනන යන්ත‍්‍ර පවතින නිසා රෝගීන්ට සිදුවන අපහසුතා අවම කරගත හැකි බවයි ඒ මහතා සඳහන් කරන්නේ .

රෝහල්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවාව සඳහා ඉන්ධනහල්වලින් ඉන්ධන ලබාදීමේදී ප‍්‍රමුඛතාවයක් පවතින බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පවසනවා.

විදුලි කප්පාදුව ගැන සති කිහිපයකට පෙර සිට ම කතාබහකට ලක්ව තිබූ බවත් එය සැලකිල්ලට ගෙන රෝහල්වල විදුලි ජනන යන්ත‍්‍රවලට අවශ්‍ය ඉන්ධන තබා ගැනීමට රෝහල් කටයුතු කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා

මේ අතර දෛනික විදුලි කප්පාදුවෙන් රෝහල් පද්ධතිය ඉවත් කිරීමට රජය පියවර ගතයුතු බව වෛද්‍ය සංගම් පවසනවා

ප‍්‍රධාන රෝහල්වල විදුලි ජනන යන්ත‍්‍ර පැවතියත් ඒවාට අවශ්‍ය ඉන්ධන නොකඩවා සැපයීමට බාධා පැවැතියහොත් රෝහල් පද්ධතියම දැඩි අවදානමකට ලක්විය හැකි බවයි සෞඛ්‍ය සංගම් පෙන්වා දෙන්නේ

කොවිඩ් එන්නත් ඇතුළු එන්නත් ගබඩාකර ඇති ශීතකරණ, දැඩිසත්කාර ඒකක, ඔක්සිජන් සැපයීම, ශල්‍යකර්ම සිදුකිරීම සහ කොවිඩ් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත විදුලිය සැපයීම අඛණ්ඩව සිදුකළ යුතුව ඇති බැවින් ඒ පිළිබඳව නිසි අවධානයක් ගෙන කටයුතු කළ යුතුව ඇතැයි ද වෛද්‍ය සංගම් අවධාරණය කර සිටිනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39