spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන තොගයක් ප්‍රවාහනය කළ ප්‍රයිම්මුවර් රථයක් නිවසක් මතට පෙරළී අනතුරක් (වීඩියෝ)

ඉන්ධන තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිම්මුවර් රථයක් හල්දුම්මුල්ල, බත්ගොඩ ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අද (06) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඩීසල් ලීටර් 33,000ක් රැගත් මෙම රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළී නිවසක් මතට වැටී ඇති අතර, එහිදී නිවසට ද දැඩි හානි සිදුව තිබෙනවා.

අනතුරින් එහි රියදුරු සහ සහයකයා තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

පෙරළී ගිය ප්‍රයිම්මුවර් රථයෙන් ඉන්ධන කාන්දුවෙමින් පවතින අතර, ඒවා එක්රැස් කිරීම සඳහා ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

https://youtu.be/7yzCIZvXmRU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
6
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?