spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන ජාවාරම් කරන පුද්ගලික බස් රථවලට රතු එළියක්

ලංගම ඩිපෝ මඟින් ඉන්ධන ලබාගෙන පොදු ප්‍රවාහන සේවයේ ධාවනය නොකරන පෞද්ගලික බස් රථවල ධාවන බලපත්‍ර අවලංගු කරන ලෙසට තමන් උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ලංගම හරහා දිනකට බස් රථ 5000ක් පමණ ඉන්ධන ලබාගන්නා බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

කෙසේ වෙත්ත ඉන් බස්රථ සියයට 30ක් පමණ නිසිපරිදි පොදු ප්‍රවාහන සේවයේ ධාවනය නොකරන බවට හෙළිව තිබෙනවා.

එලෙස ඉන්ධන ලබාගෙන අයථා ක්‍රියාවල නියැලෙන බවට පැමිණිළි ලැබී ඇති බව කී අමාත්‍යවරයා අයථා ක්‍රියාවල නිරතවන බස් රථ හඳුනාගෙන ධාවන බලපත්‍ර අවලංගු කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?