ඉන්ධන ගැන විස්තර දැනගන්න SMS එකක් – අනවසරයෙන් තෙල් තොග රැස් කළොත් වැඩ වරදියි

අනවසරයෙන් ඉන්ධන තොග රැස්කරගෙන අලෙවි කරන පුද්ගලයින් සොයා අද (22) සිට දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළා.

මේ අතර කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් තෙල් පිට කිරීමේ දී ඒවා සමඟ ම අදාළ ඉන්ධන තොග ඇනවුම් කළ ගබඩා කළමනාකරුවන් වෙත ද ස්වංක්‍රීයව නිකුත් කෙරෙන කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව දන්වා ඇති අතර ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී ද අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ඒ අනුව අදාළ ඉන්ධනහල්වල කළමනාකරුවන්ට තමන්ගේ තෙල් තොග ලැබෙන වේලාව පැහැදිලිව එම කෙටි පණිවුඩය මඟින් දැනගත හැකි වනවා.

මෙම ක්‍රමය මඟින් ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල රැඳී සිටින පුද්ගලයින්ට සහ ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ට වඩාත් නිවැරදිව තොරතුරු ලබාදීමේ හැකියාව මින් ඉදිරියට සිදුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඉදිරි දින 10 ඇතුළත තවත් ඩීසල් නෞකා දෙකක් සහ පෙට්‍රල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30