ඉන්ධන ගැන තොරතුරු දැන ගැනීමට තිබූ වෙබ් අඩවිය අතුරුදන්

ඉන්ධන බෙදාහැරීම සහ ඉන්ධන තොග පවතින පිරවුම්හල් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දුන් වෙබ් අඩවිය මේ වනවිට අකර්මන්‍ය වී තිබෙනවා.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ICTA ආයතනය එක්ව මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කළ අතර එයට පිවිසුණු අයෙකුට මේ වන විට එය දර්ශනය වන්නේ නැහැ.

“අපහසුතාවය ගැන ඉතා කණගාටුයි. අදාළ බලධාරීන්ට ලැබුණු උපදෙස් මත මෙහෙයුම තාවකාලිකව වසා දැමීමට සිදු විය. අපි ඉක්මනින් ආපසු එන්නෙමු” යනුවෙන් Fuel.Gov.lk යන වෙබ් ලිපිනයට පිවිසි අයෙක්ට මේ වනව්ට දැකගත හැකි වනවා.

අදාල වෙබ් අඩවිය හඳුන්වා දී සතියක් ගතවීමටත් පෙර එය නවතා දැමුනේ අදාල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට තරම් මේ වනවිට රට තුළ ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නොමැතිවීම හේතුව නිසා විය හැකියි.

ඩීසල් සහ පෙට්‍රල් තොග නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාව අද ඉතිහාසයේ එහි දීර්ඝතම ඉන්ධන පෝලිම් අත්විඳිමින් සිටිනවා.

ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයට අනුව දැනට ඉන්ධන සැපයීම සීමා සහිත වීම හේතුවෙන් ඉන්ධන බෙදා හැරීම සඳහා භාවිත කරන්නේ 30%ක ඉන්ධන බවුසර් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14