spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන ගැන තොරතුරු දැන ගැනීමට තිබූ වෙබ් අඩවිය අතුරුදන්

ඉන්ධන බෙදාහැරීම සහ ඉන්ධන තොග පවතින පිරවුම්හල් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දුන් වෙබ් අඩවිය මේ වනවිට අකර්මන්‍ය වී තිබෙනවා.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ICTA ආයතනය එක්ව මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කළ අතර එයට පිවිසුණු අයෙකුට මේ වන විට එය දර්ශනය වන්නේ නැහැ.

“අපහසුතාවය ගැන ඉතා කණගාටුයි. අදාළ බලධාරීන්ට ලැබුණු උපදෙස් මත මෙහෙයුම තාවකාලිකව වසා දැමීමට සිදු විය. අපි ඉක්මනින් ආපසු එන්නෙමු” යනුවෙන් Fuel.Gov.lk යන වෙබ් ලිපිනයට පිවිසි අයෙක්ට මේ වනව්ට දැකගත හැකි වනවා.

අදාල වෙබ් අඩවිය හඳුන්වා දී සතියක් ගතවීමටත් පෙර එය නවතා දැමුනේ අදාල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට තරම් මේ වනවිට රට තුළ ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නොමැතිවීම හේතුව නිසා විය හැකියි.

ඩීසල් සහ පෙට්‍රල් තොග නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාව අද ඉතිහාසයේ එහි දීර්ඝතම ඉන්ධන පෝලිම් අත්විඳිමින් සිටිනවා.

ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයට අනුව දැනට ඉන්ධන සැපයීම සීමා සහිත වීම හේතුවෙන් ඉන්ධන බෙදා හැරීම සඳහා භාවිත කරන්නේ 30%ක ඉන්ධන බවුසර් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?