spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන අවශ්‍ය නම් ලියාපදිංචි වෙන්න – බලශක්ති ඇමති (වීඩියෝ)

ප්‍රවාහන සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉදිරියේ දී ඉන්ධන නිකුත් කිරීමට සලාක ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ඉන්ධන ලබා ගැනීමට සෑම ඉන්ධන පාරිභෝගිකයෙකුටම තම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ ලියාපදිංචි වීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

එමෙන්ම ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ විධිමත් කිරීමට ඉන්ධන නිකුත් කරන සෑම ඩිපෝවක් සඳහා පෞද්ගලික බස් සංගම් නි‍යෝජිතයෙකු පත් කිරීමට දැනුම් දී ඇති බව ද ඔහු සඳහන් කළා.

https://youtu.be/cSV_vDidrNU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?