spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන අර්බුදය හමුවේ රජයේ කටයුතු පවත්වාගෙන යෑම ගැන විශේෂ සාකච්ඡාවක්

මේ වනවිට පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ කටයුතු සහ පාසල් පවත්වාගෙන යෑම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ එම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා මුදල්, රාජ්‍ය පරිපාලන සහ අධ්‍යාපන අමාත්‍යාංශවල ලේකම්වරුන් මෙන්ම මහ බැංකු අධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් සහ මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටිනවා.

නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදයකට රජයේ සේවකයන් යෙදවීමට සිදුවුවහොත් එම කටයුතු කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?