ඉන්ධන අර්බුදය පාකිස්ථානය අඩපණ කරන ලකුණු

අසල්වැසි ඉරානය සමඟ තෙල් පිළිබඳ අවිධිමත් වෙළඳාමක් වර්ධනය වෙමින් තිබියදී පවා පාකිස්ථානයේ තෙල් තොග අඩුවෙමින් පවතින බව වාර්තා වනවා.

ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පාකිස්ථානය ආනයනය කරන ඉන්ධන ඇෆ්ගනිස්ථානයට හොර රහසේ ගෙන යෑමේ ක්‍රියාදාමයයි.

ශුද්ධ තෙල් ආනයනකරුවෙකු වන පාකිස්ථානය මේ වන විට ඉන්ධන අර්බුදයෙන් තරමක් හෝ මිදීමට සමත් වී ඇත්තේ පසුගිය වසරේ කර්මාන්ත අංශයේ ඉල්ලුම පහත වැටීම නිසයි.

ආනයනය සඳහා ගෙවීමට අරමුදල් නොමැතිකම හේතුවෙන් කර්මාන්ත අංශය පසුගිය සමයේ මන්දගාමී වී තිබුණා.

පාකිස්ථානයේ ප්‍රධාන අපනයන අංගයක් වන රෙදිපිළි නිෂ්පාදනය හා අපනයනය ද මේ හේතුවෙන් පහළ ගියා.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ දේශීය දේශපාලන කැලඹීම් සහ ආර්ථික අර්බුදය මධ්‍යයේ පාකිස්තානය විසින් සිදු කරන ලද අයහපත් විදේශ ප්‍රතිපත්ති තෝරා ගැනීම් මෙම තත්ත්වය තීව්‍ර කළ බවයි.

යුක්රේන ගැටුම ගෝලීය වශයෙන් බොහෝ ආර්ථිකයන් සඳහා ඍණාත්මක තත්ත්වයන් වර්ධනය කර තිබියදී පාකිස්ථානය ඉන්ධන තෙල් ආනයනයෙන් තවමත් ශුද්ධ පාඩු ලබමින් සිටිනවා.

පසුගිය වසරේ යුක්රේනයට පහර දුන් දිනයේ එවක පාකිස්ථාන අගමැතිවරයා වූ ඉම්රාන් ඛාන් අමරිකානු අනතුරු ඇඟවීම් නොතකා රුසියාවේ මොස්කව්හි සංචාරයක නිරත වීම ද මෙම තත්ත්වය යහපත් කරගැනීම සඳහා පිටිවහලක් වී තිබුණේ නැහැ.

ඉම්රාන් ඛාන් ධුරයේ නොසිටීමත් පාකිස්ථානය ගත් ක්‍රියාමාර්ග හමුවේ ඇමරිකාව අසතුටින් පසු වීමත් මේ මොහොතේ රුසියාවට අවශ්‍ය තරම් මුදල් නොමැති වීමත් හේතුවෙන් පාකිස්තානයට අනුකම්පාව ලබා ගැනීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා.

තත්ත්වය වඩාත් නරක අතට හැරීමට හේතු වී ඇත්තේ රුසියාව සමඟ බල ගැටුමක යෙදී සිටින එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයෙන් සෞදි අරාබිය, ඉන්දියාව සහ තුර්කිය වැනි රටවල් නිදහස් වූ ආකාරයට පාකිස්ථානයට එම නිදහස මේ මොහොතේ ලබා ගැනීමට නොහැකි වීමයි.

ඇමරිකානු සම්බාධක පනතට පටහැනි වූ විදේශ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීමට අදාළ රටවල්වලට මේ වන විට හැකි වී තිබෙනවා.

පකිස්ථානයේ ජනගහනයට සාපේක්ෂව ඔවුන්ට ශුද්ධ බලශක්ති ආනයනකරුවෙකු ලෙස කටයුතු කිරීමට සිදු වී තිබුනත් ප්‍රධාන පෙළේ තෙල් නිෂ්පාදකයෙකු වන ඉරානය සමඟ පාකිස්තානය ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි අවධානය යොමු නොකර අනෙකුත් ගල්ෆ් රටවල් මත විශ්වාසය තබා සිටීම පැහැදිලි නොමැති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

පාකිස්තානය විසින් ෂියා ඉරානය අවතක්සේරු කරමින් සුන්නි ගල්ෆ් ජාතීන් කෙරෙහි අවධානය යොමු කිරීම ගැටලු සහගත බවද විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

සමස්තයක් වශයෙන්, පකිස්ථානයේ වත්මන් ඉන්ධන තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින අතර එය කඩිනමින් යථා තත්ත්වයට පත්වීමේ හැකියාවක් ද මේ දක්වා පෙන්නුම් කර නැහැ.

පවතින තත්ත්වය හමුවේ ප්‍රධාන ඉන්ධන සැපයුමක් කඩාකප්පල් වීම පිළිබඳ අනතුරු ඇඟවීම් තෙල් අලෙවි සමාගම් සහ පිරිපහදු ආයතන විසින් පාකිස්තාන රජයට සහ මහ බැංකුවට දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02