ඉන්ධනවල මිල වැඩි කළේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් පවත්වාගෙන යෑමට – බලශක්ති ඇමති

ඉන්ධනවල මිල වැඩි කිරීමක් සිදු නොකළ හොත් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සිදුකිරීමට නොහැකිව කඩා වැටීමකට ලක්වන බව බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (01) පෙරවරුවේ ඛනිජ තෙල් පර්යන්ත සමාගමේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

“ලෝක වෙළඳපොළේ තියන ඉන්ධන මිල සහ අපේ වෙළඳපොළ අතර තියන පරතරය කිසියම් විදියක අඩු කිරීමක් කරලා, 100ක වගේ පංගුවක් අඛණ්ඩව රජය විසින් දරලා, ඒවගෙන කොටසක් තෙල් සංස්ථාව ඇතුළු අනෙකුත් ඉන්ධන සැපයුම් ආයතන දරමින් තවත් කිටසක් පාරිභෝගිකයා වෙත යොමු කළොත්, වෙළඳපොළ කඩාවැටීමේ අනතුරෙන් යම්තාක් දුරට ආරක්ෂා කරගන පුළුවන් කියලා කල්පනා කරලා තමයි මේ මිල වැඩි කිරීම කළේ.”

මේ අතර ඉන්ධන පරිභෝජනයේ යම් අඩු කිරීමක් සිදුකර රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමක් නොකළොත්, ඉදිරියේ දී ඉන්ධන මිල වැඩිවීමට බලපානු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඒ, අනුව ඉදිරියේ දැනට ක්‍රියාත්මක කරගෙන යනු ලබන QR ක්‍රමවේදය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14