ඉන්දු – ශ්‍රී ලංකා සහෝදරත්වය මේ වනවිට තවත් ශක්තිමත් – සන්තෝෂ් ජා

අතීතයේ සිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්‍යෝන්‍ය බැඳීම වර්තමානය වන විට වඩාත් ශක්තිමත් තත්ත්වයකට පත් ව ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා.

පේරාදෙණිය – පැණිදෙනිය හින්දු විද්‍යාලයට රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනාකමින් යුත් අධ්‍යාපන හා ක්‍රීඩා භාණ්ඩ තොගයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (15) දිනයේ දී එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළා.

ඉන්දියානු රජයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ මානව සංවර්ධනය උදෙසා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් අඩු ආදායම්ලාභී ජනතාවට රුපියල් බිලියන 02ක වියදමින් නිවාස සාදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද සන්තෝෂ් මහතා කියා සිටියා.

තේ වතු ආශ්‍රිත පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් පමණ ලබා දී ඇති බවත් ඊට අමතර ව එම පාසල්වල ගුරුවරුන් 2000කට මානව සංවර්ධනයට ඉන්දීය රජය මගින් විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළා.

මෙම අවස්ථාවට ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වී.එස්. සාරණ්‍යා මහත්මිය, හින්දු විදුහලේ විදුහල්පති එල්. රාමචන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06