ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව මිත්‍රත්වයෙන් එහා ගිය සහෝදර බැඳීමක් – සාගල රත්නායක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය ඉන්දීය නිල සංචාරය සමඟ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වූ අතර ඉදිරියේ දී දෙරට වඩා පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වාර්ෂික නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාවට පිටත් කර හැරීම සහ ඒ වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබූ ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදීම වෙනුවෙන් අද (16) පෙරවරුවේ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයට එක් වෙමින්.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසර දෙකක කාලයක් සඳහා 2022 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දී තිබෙනවා.

එම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසරක කාලයක් සක්‍රීය සේවයේ යෙදෙමින් සුවිශේෂී සේවාවක් ඉටු කරනු ලැබූ අතර එම ගුවන් යානයේ වාර්ෂික අනිවාර්ය නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාව වෙත යැවීමටයි කටයුතු කර ඇත්තේ.

එම ගුවන් යානය වෙනුවට අනුප්‍රාප්තික ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය මෙලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබා දී තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා,

අපගේ අසල්වැසි සහ මිත්‍ර රටක් වන ඉන්දියාව අපට විශාල ලෙස උපකාර කරනවා. අප දෙරට අතර පවතින්නේ දීර්ඝකාලින බැඳීමක්. ශ්‍රී ලංකාව මුහුණ දුන් පසුගිය ආර්ථික අභියෝගය හමුවේ ඉන්දියාව මිත්‍රත්වයෙන් එහා ගියා සහෝදරත්වයිකින් යුතුව අප වෙනුවෙන් කටයුතු කළා.

මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ඉන්දීය නිල සංචාරය සමඟ එම බැඳිම් තවදුරටත් ශක්තිමත් වූ බව කිවයුතුයි. ඒ අනුව ඉදිරියේ දී දෙරට සමීප සහයෝගයකින් වැඩ කිරීමට තීරණය කර තිබෙනවා. “සබඳතාව” යන්න මෙහි වැදගත්කම කරුණයි. එය පුළුල් අර්ථයක් තිබෙන වචනයක්. එය මාර්ග සබඳතා, ජනතාව අතර සබඳතා, ආර්ථික සබඳතා, සැපයුම් සබඳතා හෝ ආරක්ෂක සබඳතා විය හැකියි.

පසුගිය දුෂ්කර කාල පරිච්ඡේදය තුළ අපේ මෙම සමුද්‍රීය මෙහෙයුම් කටයුතු කරගෙන යාමට අත්‍යාවශ්‍යව තිබූ ඉන්ධන ලබාදෙමින් ඇමරිකානු රජය සහ ඕස්ටේලියානු රජය ද අපේ ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට සහාය ලබා දුන්නා.

ගුවන් හමුදාවේ බොහෝ යානා අලුත්වැඩියා කිරීමට අවශ්‍යව තිබු හෙයින් එම කාලය තුළ ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරලීම පමණක් නොව ගුවන් හමුදාවේ අවශතාවයන් සපුරාලීම ද මහත් අභියෝගයක් වුණා.

නවීන තාක්ෂණයත් සමඟ අපගේ ගුවන් යානාද එයට සරිලන අන්දමින් නවීකරණය කිරීමට අවශ්‍යව තිබුණත් අපගේ ආර්ථික තත්ත්වය නිසා එය සිදු කිරීම අපහසු කාර්යයක් වුණා.එබැවින් අපට මෙම සහාය ලබාදීම පිළිබඳ මම ඉන්දීය රජයට නැවත වාරයක් ස්තූවන්ත වෙනවා.

අපේ සමුද්‍ර මෙහෙයුම් පිළිබඳ අවධානය යොමු කරන විට නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ ප්‍රවාහනය හා මිනිස් ජාවාරම මැඩපැවැත්වීම වැනි කටයුතුවලදී විශේෂ තැනක් ගන්නවා. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රීයව පිහිටි රටක් ලෙස මෙහිදී අපට විශාල වගකීමක් පැවරී තිබෙනවා.

අපට මුහුණදීමට සිදුවන අභියෝග දිනෙන් දින වෙනස් වන නිසා අප අනාගතය දෙස බලමින් කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකා නාවික හමුදාව ආරම්භ කරන විට අද මුහුණ දෙන අන්දමේ තර්ජනවලට මුහුණ දීමට සිදුව තිබුණේ නැහැ. පසුගිය යුද සමයේ දී ගුවන් හමුදාවට තිබූ වගකීම් මීට වඩා වෙනස්. නව තාක්ෂණය සහ කාලය සමඟ සිදුවන වෙනස්කම් සමඟ අපද ඉදිරියට යා යුතුයි.

මෙම නව අභියෝගවලට මුහුණදීම සඳහා අපේ ආරක්ෂක අංශය ද නවීකරණය විය යුතුයි. එම නවීකරණ වැඩපිළිවෙළ ජනාධිපතිතුමා විසින් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන් කළයුතුයි.

මීට අමතරව වැලි ජාවාරම මැඩලීම වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගැනීම යන කරුණු පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අපේ රට සූර්ය සහ සුළං බලශක්ති ප්‍රභවයන්ගෙන් අනුන රටක්. අප ඒවා ආරක්ෂා කරගත යුතුයි. එහිදී හමුදාවන්ට ද විශාල වගකීමක් පැවරී තිබෙන බව මම මෙහිදී සිහිපත් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56