ඉන්දු-පැසිෆික් කලාපයේ අනාගතයට ඉන්දියාව අත්‍යවශ්‍යයි – හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්

ඉන්දු-පැසිෆික් කලාපයේ අනාගත උපායමාර්ගික සමතුලිතතාව සඳහා ඉන්දියාව අත්‍යවශ්‍ය රටක් බව හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

ඉන්දු-මධ්‍යධරණී සංවාද මාලාවේ පළමු සංවාදයට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඉන්දු-මධ්‍යධරණී වැඩසටහන 2024 ජුනි මාසයේදී ඉතාලියේ රෝම නුවර Ara Pacis හිදී ආරම්භ කර තිබෙනවා.

එහි වාර්ෂික සංවාද මාලාව මගින් ඉන්දු-මධ්‍යධරණී කලාපය සහ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපය සම්බන්ධයෙන් ලෝක නායකයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම සිදුකරනවා.

මෙවර සංවාදය පැවැත්වුණේ ඉන්දියාවේ 80 වැනි නිදහස් දිනයට ආසන්නව වන අතර, 2018 සිට 2022 දක්වා ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ ස්කොට් මොරිසන් ඊට එක්වුණා.

මැද පෙරදිග සහ ඉන්දියානු සාගරයේ සිට පැසිෆික් කලාපය දක්වා වේගයෙන් වෙනස් වෙමින් පවතින ආරක්ෂක ව්‍යුහය පිළිබඳව සංවාදයේදී අවධානය යොමු වී තිබෙනවා.

නව Mecca Pact ගිවිසුම, චීනයේ වර්ධනය වන කලාපීය බලපෑම, Quad සහ AUKUS ආරක්ෂක හවුල්කාරීත්වයන්හි අනාගතය මෙන්ම ඉන්දියාවේ වර්ධනය වන උපායමාර්ගික වැදගත්කම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා.

Quad හවුල්කාරීත්වය නායක මට්ටමට ගෙන ඒම සඳහා මොරිසන්ගේ පාලන සමයේදී වැදගත් කාර්යභාරයක් ඉටු වූ අතර, AUKUS ආරක්ෂක හවුල්කාරීත්වය ගොඩනැගීමේ ප්‍රධාන නිර්මාණකරුවෙකු ලෙසද ඔහු සැලකෙනවා.

ඉන්දු-පැසිෆික් කලාපය තුළ ඉන්දියාවේ භූමිකාව සම්බන්ධයෙන් මොරිසන් විශේෂ අවධාරණයක් කරමින් පවසා ඇත්තේ, Quad තුළ ඉන්දියාවේ සහභාගීත්වය එම හවුල්කාරීත්වය අනෙකුත් කලාපීය එකමුතුවලින් සුවිශේෂී ලෙස වෙනස් කරන ප්‍රධාන සාධකයක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38