ඉන්දු – පාකිස්ථාන 20-20 ගැටුම වර්ෂාවට සේදෙන ලකුණු

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු – පාකිස්ථාන තරගය අද (09) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි

නිව්යෝර්ක් හි නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වනු ඇති බවයි නිව්යෝර්ක් කාලගුණ අංශ අනාවැකි පළකර ඇත්තේ.

ඒ, අනුව ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ අංශ වැඩිදුරටත් පවසන්නේ.

පවතින තත්ත්වයත් සමඟ තරගයේ පළමු ඉනිම වර්ෂාවෙන් විනාශ වන අතර, ඩක්වත් ලුවිස් න්‍යාය මධ්‍යයේ කාසියේ වාසිය තරගයේ තීරණාත්මක සාධකයක් බවට පත් වනු ඇති බවයි විචාරකයින් මත පළ කරන්නේ.

ඉන්දු – පාකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී එය පැවැත්වීමට අවස්ථාව නොලැබුණහොත් තරගය වෙනුවෙන් වෙනත් රක්ෂිත දිනයක් ද වෙන්කර නැහැ.

ඒ, අනුව තරගය වර්ෂාවට සේදී ගියහොත් ඉන්දියාව සහ පාකිස්ථානයට එක් ප්‍රසාද ලකුණු බැගින් බෙදී යනු ඇති.

මේ අතර 35,000ක පමණ ප්‍රේක්ෂණ ධාරිතාවයකින් යුත් නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට තරග නැරඹීම වෙනුවෙන් නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍ර සියල්ල අලෙවි වී අවසන් බවයි නිව්යෝර්ක් වලින් වාර්තා වුණේ.

මෙම තරගය වෙනුවෙන් මෙරට මුදලින් රුපියල් ලක්ෂ 06කට ආසන්න වටිනාකමකින් යුත් ප්‍රවේශපත්‍ර ද නිකුත්කර තිබීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40