ඉන්දු-පාකිස්ථාන සටන් විරාමය ගැන ජනපති අනුරගෙන් පණිවුඩයක්

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිකරගත් සටන් විරාම ගිවිසුම අගය කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පණිවිඩයක් නිකුත්කර තිබෙනවා.

එම පණිවුඩය පහතින්,

ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව අපි සාදරයෙන් පිළිගනිමු.

ඉන්දියාව සහ පාකිස්තානය සටන් විරාමයකට පැමිණීමට ගනු ලැබූ තීන්දුව දෙපාර්ශ්වයේ අහිංසක ජීවිත ගලවා ගැනීම සඳහා ඇති තීරණාත්මක එකඟතාවයක් පමණක් නොව, තිරසාර සාමය සහ කලාපීය ස්ථාවරත්වය අත්කර ගැනීමේ පළමු සහ ප්‍රමුඛ පියවරකි.

අති මහත් වූ ව්‍යසනයක් ඇති වීමට පෙර, ඉන්දියාවේ සහ පාකිස්තානයේ නායකයින් අර්බුදය විසඳා ගැනීම සඳහා වෙඩි උණ්ඩ වෙනුවට වචන යොදා ගැනීමට තීරණය කිරීම මගින් ඔවුන්ගේ ප්‍රඥාව සහ රාජ්‍යතාන්ත්‍රික කුසලතාවය පෙන්නුම් කෙරේ.
ඉන්දියාවේ සහ පාකිස්තානයේ සමීපතම අසල්වැසියෙකු සහ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නේ මෙම සටන් විරාම එකඟතාව දිගුකාලීන ප්‍රශ්න සාමකාමීව විසඳා ගැනීමට තුඩු දෙන ප්‍රමුඛ පියවරක් වනු ඇති බවයි.

දෙරටෙහි අඛණ්ඩ සංවාදයට අපගේ සහාය ලබා දෙන අතර, කලාපීය සාමය අපගේ යුගයේදීම අත්කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම දායකත්වයක් ලබා දීමට සූදානම් බව සහතික වශයෙන් ප්‍රකාශ කර සිටිමි.

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 මැයි 11 වන දින



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14