ඉන්දු – පාකිස්ථාන තරගය තවත් හෝරා කිහිපයකින් – ඉන්දීය පිළේ වෙනසක්

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ තීරණාත්මක තරගයක් අද (10) පැවැත්වෙනවා.

පාකිස්ථානය ඉන්දියාව අතර මෙම තරගය පස්වරු 3.00ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දියාව සහභාගී වන පළමු තරගය මෙය වන අතර, පාකිස්ථාන සුපිරි 04 වටයේ සහභාගී වූ පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව ජයගත්තා.

අද තරගය සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් අතිරේක දිනයක් ලෙස හෙට දිනය වෙන්කිරීමට කල්තියාම ආසියානු ක්‍රිකට් කවුසිලය කටයුතු කළා.

මෙම තරගය සඳහා එක්වන පාකිස්ථාන කණ්ඩායම ඊයේ දිනයේ දී නම් කිරීමට කටයුතු කළ අතර, ඒ අනුව බංග්ලාදේශය සමඟ පැවති තරගයේ ජයග්‍රාහී කණ්ඩායම ම මෙම තරගය සඳහා එක්වනවා.

මේ අතර මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවනු ඇති බවයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී ඇත්තේ.

ඒ, අනුව ඉන්දියාව අවසන් වරට සභාගී වූ නේපාලය සමඟ තරගයට ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා අද තරගය සඳහා එක්වීමට බොහෝ දුරට අවස්ථාව පවතිනවා.

ඒ, අනුව බුම්රා අද දිනයේ කණ්ඩායමට එක්වුවහොත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමිට අද තරගයෙන් ඉවත්වීමට සිදුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46