ඉන්දු – පාකිස්ථාන තරගයේ දී කෝලිගෙන් වාර්තා පිට වාර්තා

චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමඟ පැවති තරගය කඩුලු 06කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ (23) හැකියව ලැබුණා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය පන්දුවාර 49යි පන්දු 04ක් තුළ සියල්ලන් දැවී ලකුණු 241ක් රැස් කළා.

අනතුරුව ලකුණු 242ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිතිකරුවන් එම ඉලක්කය පන්දුවාර 42යි පන්දු 03ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී පසුකර ගොස් තරගය ජයගත්තා.

ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ විරාට් කෝලි; මෙම තරගයේ දී කලක් මඟ හැරී තිබූ සිය පිත්තේ රිද්මය යළි සොයාගනිමින් වටිනා ශතකයක් රැස් කළා.

පන්දු 111ක් නොදැවී කඩුල්ලේ රැදී සිටි කෝලි ලකුණු 100ක් මෙම තරගයේ දී රැස් කළේ අලංකාර හතරේ පහර 07ක් ද සමඟින්.

කෝලි රැස්කළ මෙම ශතකය ඔහු එක්දින පිටියේ වාර්තා කළ 51 වන ශතකය ලෙසයි වාර්තා අතරට එක්වුණේ.

එමෙන්ම මෙම තරගයේ දී ඔහු එක්දින ලකුණු දාහතර දහසේ සීමාව පසුකළ ලොව තුන්වන පිතිකරුවා බවට ද පත් වුණා.

ඔහුට පෙර ඉන්දීය හිටපු පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර එම කඩයිම පසුකර තිබුණා.

මේ අතර ජාත්‍යන්තර එක්දින පිටියේ දී වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැකගත් තුන්ව ක්‍රීඩකයා බවට ද කෝලි පත් වුණේ මෙම තරගයේ දී රැකගත් උඩ පන්දු දෙකත් සමඟයි.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති මෙම තරගය ජයගෙන ඉන්දීය පිළ 2025 චැම්පියන්ස් කුසලානය ගමන ජයග්‍රාහිව ආරම්භ කළ අතර, පාකිස්ථානය තරගාවලියේ මේ දක්වා සහභාගී වූ තරග දෙකම පරාජයට පත්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14