spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දු – පාකිස්ථාන තරගයට අමතර ටිකට් 14,000ක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ පරම ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය සඳහා අමතර ප්‍රවේශපත්‍ර 14,000ක් නිකුත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ඔක්තෝබර් 14 වනදා අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මම තරඟය සඳහා මෙලෙස අමතර ප්‍රවේශ පත් නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අද (08) දහවල් 12.00 සිට මෙම අමතර ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භ කළ බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සඳහන් කළේ.

ඒ ,අනුව ඔවුන් සඳහන් කළේ ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රවේශපත් මිලදී ගැනීමේ හැකියාව බවතින බවයි.

මෙම තරගය පැවැත්වෙන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 132,000 කට තරග නැරඹීමේ අවස්ථාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?