ඉන්දු – නේපාල දේශසීමා දුම්රිය සේවයෙන් දෙරටේ සබඳතා ශක්තිමත් වෙයි – ඉන්දියාවෙන් නේපාලයට තවත් තෑගි

ඉන්දියාව සහ නේපාලය අතර දේශසීමා දුම්රිය සම්බන්ධතාව දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වන බව දෙරටේම රාජතාන්ත්‍රික නිලධාරීන් පෙන්වා දෙනවා.

එම දුම්රිය සේවයේ නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට කත්මන්ඩු නුවර ඉන්දීය තානාපති කාර්යාල නිලධාරීන් මෙන්ම නේපාලයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින් ද සහභාගි වී තිබුණා.

කුර්තා සිට බිජල්පුර දක්වා වන මෙම දුම්රිය මාර්ගය  කිලෝමීටර් 17.3ක දුරක් ආවරණය කරනවා.

මෙය ඉන්දීය රජයේ ප්‍රදාන ආධාර යටතේ ඉන්දීය රුපියල් කෝටි 783.83ක සම්පූර්ණ ව්‍යාපෘති වියදමින් ඉදිකෙරෙන ජයනගර්-බිජල්පුර-බර්ඩිබාස් දේශසීමා දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියරයි.

ජයනගර් සිට කුර්තා දක්වා පළමු අදියර පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ කරන ලද දෙවෙනි අදියර ලෙස කුර්තා සිටබිජල්පුර දක්වා ගමන් මාර්ගය ක්‍රියාත්මකයි. 

බිජල්පුර බාර්ඩිබාස් සම්බන්ධ කරන තුන්වන අදියර සඳහා ඉඩම් අත්පත් කර ගැනීම මේ වන විට සිදුවෙමින් තිබෙනවා.

දුම්රිය ක්ෂේත්‍රය ඇතුළු නේපාලයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉන්දීය රජය දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබඳ නේපාල බලධාරීන් සිය ස්තූතිය ද පළ කර තිබුණා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම දුම්රිය සම්බන්ධතාව දෙරට අතර ජනතාව අතර සබඳතාවලට ඉමහත් තල්ලුවක් සපයනු ඇති අතර නේපාලයේ වෙළඳ හා සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු  කිරීමට ද හේතු වනු ඇති බවයි.

ඉන්දීය රජයේ ‘අසල්වැසි පළමුව’ ප්‍රතිපත්තියේ වැදගත් අංගයක් වන ඉන්දියාව සහ නේපාලය අතර භෞතික සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සඳහා තවත් වැඩසටහන් ද ක්‍රියාත්මකයි.

ඒ අනුව නේපාල-ඉන්දියා සංවර්ධන හවුල්කාරිත්ව වැඩසටහන යටතේ ඉන්දියාව  ගිලන් රථ 43ක් සහ පාසල් බස් රථ 50 ක් නේපාලයට තෑගි කළා.

ඉන්දීය තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති උත්සවයක දී නේපාලයේ විද්‍යා, අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යවරයා විසින් නේපාලයේ ඉන්දීය තානාපති නවීන් ශ්‍රීවාස්තවා මහතා ඉදිරියේ ප්‍රතිලාභී සංවිධාන වෙත ඒවායේ යතුරු ප්‍රදානය සිදු කරනු ලැබුවා.

උත්සවය අමතමින්, විද්‍යා, අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍ය අශෝක් රායි පැවසුවේ මෙය සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා පහසුකම් සැලසීමක් වන අතර ඉන්දීය රජයට සිය ස්තූතිය පළ කරන බවයි.

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඛණ්ඩ සහයෝගය ප්‍රකාශ කරමින් ඉදිරි දිනවලදී ලබා දෙන පාසල් බස් රථ සංඛ්‍යාව ඉහළ නැංවීමට නේපාලයේ ඉන්දීය තානාපති නවීන් ශ්‍රීවාස්තවා මෙහිදී පොරොන්දු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංග රාජපක්ෂගේ එළොව යෑම ගැන ප්‍රකාශයක් දෙන්න ආ ගම්මන්පිල..ෆයිල් එකත් අරගෙන හිනාවෙවී එන හැටි
01:40
Video thumbnail
පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසර 100යි..නමුත් අඩුපාඩු ගොඩයි..ක්ෂේත්‍රයට වැඩි සැලකිල්ලක් දෙන්න
03:48
Video thumbnail
කෝ ළමයට හෙල්මට් නැද්ද ?..මේ ඔයාගේ පණ නෙවෙයිද ? පොලිස් නිලධාරියා දුන්න සුපිරි උපදෙස
08:26
Video thumbnail
සංගීත ප්‍රසංගයකදී මර්සලයින් පතිරණ ගායකයාට වෙච්ච දේ.."මං බොන්නේ මගේ සල්ලිවලින් හරී"
03:53
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කපිලගේ පශ්චාත් ම#ණ පරීක්ෂණ ඇරඹෙයි..අරවින්ද ද සිල්වාත් ඇවිත්
01:11
Video thumbnail
18.2%කින් ආයේ විදුලි බිල වැඩි කරන්න යන්නේ ?..විදුලි බිල මාසෙන් මාසෙට වැඩි කරනවා
02:58
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:21
Video thumbnail
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්
04:14
Video thumbnail
නාමල් - මහින්ද යුගයක් 2029 දී අපි හදනවා..කෝ මාර වැඩක්නේ..ගෙනාපු නැති බඩුවකට අල්ලස් දීලාලු
02:58
Video thumbnail
මාලිමාවේ අය රැස්වීමක් කළොත් ලොකු අවුලක්..මුන් බොරු කියන විදියට - අකුණුත් ගහනවා
01:29