ඉන්දුනීසියාවේදී ලැබිය හැකි ඉහළම සිවිල් සම්මානයක් මෝදිට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ඉන්දුනීසියානු රජය විසින් ඔවුන්ගේ රටේ ඉහළම සිවිල් සම්මානයක් පිරිනමමින් විශේෂ උපහාරයක් දක්වා තිබෙනවා.

මෙමඟින් අගමැති මෝදි ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන ඇති ඉහළම රාජ්‍ය සම්මාන සහ පදක්කම් එකතුව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, ආර්ථික සහ උපායමාර්ගික සහයෝගීතාව ඉහළ නැංවීම මෙන්ම අග්නිදිග ආසියානු කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් නරේන්ද්‍ර මෝදි ඉටුකළ සුවිශේෂී මෙහෙවර අගය කරමින් ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් මෙම ගෞරව පදක්කම ඔහු වෙත පිරිනමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

විශේෂයෙන්ම ඉන්දියාවේ “Act East” ප්‍රතිපත්තිය යටතේ ඉන්දුනීසියාව ඇතුළු ආසියානු කලාපීය රටවල් සමඟ සබඳතා සමීප කරගැනීමට මෝදි පාලනය ගත් පියවර මෙහිදී බෙහෙවින් අගය කර තිබෙනවා.

මෙම නවතම සම්මානයත් සමඟ අගමැති මෝදි ලෝකයේ විවිධ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන වෙතින් ඉහළම සිවිල් ගෞරව සම්මාන වැඩිම සංඛ්‍යාවක් දිනාගත් ලෝක නායකයන් කිහිපදෙනා අතරට එක්වනවා.

මීට පෙර ද ඔහු මැදපෙළ පෙරදිග, යුරෝපය, ඇමරිකාව මෙන්ම පැසිෆික් කලාපීය රටවල් රැසකින් ද මෙවැනි ඉහළම රාජ්‍ය සම්මානවලින් පිදුම් ලබා තිබුණා.

මෙම සම්මානය පිළිගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, මෙම උපහාරය තමන්ට පමණක් නොව සමස්ත ඉන්දීය ජනතාවටම ලැබුණු ගෞරවයක් බවයි.

ඉදිරියේදී ද ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර සමුද්‍රීය ආරක්ෂාව, වෙළඳාම සහ සංස්කෘතික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට කැපවන බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50