ඉන්දුනීසියානු මහ කොමසාරිස්වරිය හා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

කොළඹ ඉන්දුනීසියානු මහ කොමසාරිස් Dewi Gustina Tobing මැතිනිය සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය (විශ්‍රාමික)මේජර් ජෙනරල් අරුණ ජයසේකර අතර හමුවක් අද (27) දින කොළඹ දී සිදු වුණා.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් මෙම හමුවේදී යොමු කරමින්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව ඔවුන් දෙදෙනා සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

කලාපීය ආරක්‍ෂක ගතිකත්වය, සහයෝගීතා පුහුණු අවස්ථා සහ ආරක්‍ෂක ක්ෂේත්‍රය ආශ්‍රිත කටයුතු වැඩි දියුණු කිරීම පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගත්තා.

දූෂණ විරෝධී ප්‍රතිපත්ති සඳහා ඉන්දුනීසියාවේ දැඩි කැපවීම පිළිබඳව, දෙරටේ රජයන්හි පොදු ප්‍රමුඛතා පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම ද, මෙහිදී සිදු වුණා.

දෙරට අතර පවත්නා දිගුකාලීන මිත්‍රත්වය අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉන්දු – පැසිෆික් කලාපයේ පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා ආරක්‍ෂක ක්ෂේත්‍රය සබඳතා තර කිරීමේ වැදගත්කම ද, මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා.

කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේදී ඉන්දුනීසියාවේ වැදගත් කාර්යභාරය සහ බහුපාර්ශ්වික සංසද සඳහා ක්‍රියාකාරී දායකත්වය ද ඔහුගේ ඇගයීමට ලක් කෙරුණා.

ආරක්‍ෂක සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ඉන්දුනීසියාවේ කැපවීම පිළිබඳ මහ කොමසාරිස්වරිය මෙහිදී තහවුරු කරන ලද අතර, ඒකාබද්ධ මුලපිරීම්, ධාරිතා වර්ධනය කිරීමේ වැඩසටහන් සහ තොරතුරු හුවමාරුව තුළින් දෙරටට ඔවුන්ගේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි බවට විශ්වාසය පළ කළා.

කෘෂිකර්මාන්තය, වෙළඳාම, ආයෝජන සහ කාර්මික සංවර්ධනයන්හි සහයෝගීතාව සඳහා ඇති අවස්ථාවන් ද ඇය විසින් ඉස්මතු කළා.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් හා වර්ධනය වන හවුල්කාරිත්වය පිළිබිඹු කරමින්, ඉහළ මට්ටමේ සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ ආරක්‍ෂක සහයෝගීතාව සඳහා නව මාර්ග ගවේෂණය කිරීමට දෙපාර්ශ්වයම කැමැත්ත පළ කරමින් මෙම හමුව අවසන් වූ බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18