ඉන්දීය T20 ඉතිහාසයේ වේගවත් ම දෙවැනි ශතකය අභිෂේක්ට

ඉන්දීය T20 ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අඩුම පන්දු ගණනක දී ලබාගත් වේගවත්, දෙවැනි ශතකයට හිමිකම් කීමට අභිෂේක් ෂර්මා සමත් වුණා.

මේ දිනවල පැවැත්වෙන සයිඩ් මුෂ්ටාක් අලි කුසලානයේ පන්ජාබ්වරුන් වෙනුවෙන් මේඝලයට එරෙහිවයි ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ.

එහිදී අභිෂේක් ෂර්මා පන්දු 28ක් පමණක් වැය කරමින් සිය ශතකය සම්පූර්ණ කළා.

ඒ ඉන්දියාවේ වේගවත් ම T20 ශතකයට හිමිකම් කියන ගුජරාටයේ උර්විල් පටෙල්ගේ වාර්තාවට ද සම මට්ටමට ළඟා වෙමින්.

පසුගිය සතියේ දී එම තරගාවලියේ දී ම ත්‍රිපුර කණ්ඩායමට එරෙහිව උර්විල් ගුජරාටය වෙනුවෙන් පන්දු 35ක දී වේගවත් ලකුණු 113ක් නොදැවී රැස් කළා.

එම වාර්තාව මෙම වසරේ ජුනි මාසයේ දී සයිප්‍රසයට එරෙහිව එස්තෝනියාව වෙනුවෙන් සහිල් චෞහාන් පන්දු 27ක දී රැස් කළ ශතකය සම කිරීමක් ලෙසටයි සැලකෙන්නේ.

මෙය තරගාවලියේ අභිෂේක්ගේ සිව්වැනි ශතකයයි.

ඔහු එම ලැයිස්තුවේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූ අතර ඉන්දියාවේ, උන්මුක්ත් චාන්ද්, රුතුරාජ් ගයික්වාඩ්, ඉෂාන් කිෂාන් සහ ශ්‍රෙයාස් අයියර් ශතක තුන බැගින් ලබාගෙන තිබෙනවා.

රාජ්කොට්හි දී පැවති මේඝලා පිල කඩුලු 7කට ලකුණු 142ක් ලබාගත්තා.

එම ලකුණු සංඛ්‍යාව හඹා ගිය පන්ජාබ් පිලේ පිතිහරඹය ආරම්භ කළ අභිෂේක් ෂර්මා යි.

ඔහු පන්දු 29කදී නොදැවී ලකුණු 106ක් රැස් කළා.

පන්ජාබ් පිල පන්දුවාර 09කුත් පන්දු 03ක් අවසානයේ දී සිය ඉලක්කය සපුරා ගත්තා.

IPL 2024 හි දී සන්රයිසස් හයිද්‍රාබාද් වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් සමඟ විනාශකාරී ආරම්භක සංයෝජනයක් ගොඩනඟා ගත් අභිෂේක් ෂර්මාව 2025 ඉන්දීය ප්‍රීමියර් ලීගය වෙනුවෙන් එම කණ්ඩායමට ම ඉන්දීය කෝටි 14ක් (අමෙරිකානු ඩොලර් මිලියන 1.67ක් ගෙවමින් රඳවාගත් ක්‍රීඩකයෙකු ලෙසට ද නම්කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57