ඉන්දීය සන්නද්ධ හමුදා වෛද්‍ය සේවාවේ මුල් පුටුව කාන්තාවකට

ශල්‍ය වෛද්‍ය වයිස් අද්මිරාල් ආටි සරින් ඉන්දීය සන්නද්ධ හමුදා වෛද්‍ය සේවා හි අධ්‍යක්ෂ ජනරාල්වරියගේ භූමිකාව භාරගත් අතර, මෙම කීර්තිමත් තනතුර හෙබවූ පළමු කාන්තා වෛද්‍යවරිය බවට පත්වුණා.

වයිස් අද්මිරාල් සරින්, හමුදාව පුරා වෛද්‍ය ප්‍රතිපත්ති සඳහා සෘජුවම වගකිව යුතුයි.

මෙම භූමිකාවට පෙර, ඇය නාවික හමුදාවේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය දුන් අතර, ඇය ගුවන් හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ පූනේහි සන්නද්ධ හමුදා වෛද්‍ය විද්‍යාලයේ අණදෙන නිලධාරී ලෙස ද සේවය කර තිබෙනවා.

මීට මාස දෙකකට පෙර යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පළමුවරට පත් වූ කාන්තාව ලෙස ලුතිනන් ජෙනරාල් සද්නා සක්සේනා නායර් ඉතිහාසයට එක් වුණා.

යුධ හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙසින් ආරම්භ කර නාවික හමුදාවේ ශල්‍ය වෛද්‍ය වයිස් අද්මිරාල්වරයෙකු ලෙසත් ගුවන් හමුදාවේ එයාර් මාර්ෂල් නිලය දක්වා පැමිණීමේ විරල ගෞරවය වයිස් අද්මිරාල් සරින් සතු වනවා.

ඇය දැන් හමුදාවේ කාන්තා නිලධාරිනියක් විසින් ලබා ගත් ඉහළම නිලය දරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38