සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලබන 15 වෙනිදා සිට 19 වෙනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 23 වෙනිදා ආරම්භ වන අතර එය 27 වෙනිදා දක්වා SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව පකමු තරගයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 4 වන ගේට්ටුවෙන් ද , SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 03, 04, 05 හා 07 යන ගේට්ටුවලින් ප්‍රේක්ෂකයින්ට නොමිලේ ඇතුළු වීමේ හැකියාව පවතින බවත් ක්‍රිකට් ආයතනයනිකුත් කළ නිවේදනයේ සඳහන්.













