ඉන්දීය වීසා මධ්‍යස්ථානය කැඩූ 5ක් අල්ලයි

ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය වන IVS Pvt සමාගම කඩා එහි ඇතුළු වූ සැකකරුවන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයේ කාන්තාවක්, ඇයගේ අනියම් පෙම්වතා සහ තවත් තිදෙනෙකු සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරුවන් සතුව තිබී ලැප්ටොප් පරිගණකයක්, ජංගම දුරකථනයක්, ටැබ්ලට් පරිගණකයක් සහ ඩිජිටල් වීඩියෝ රෙකෝඩරයක් (DVR) ඇතුළු සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

සොරකම් කරන ලද ලැප්ටොප් පරිගණකය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතයාට අයත් එකක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, DVR කොටස් කිරුළපන ප්‍රදේශයේ ඇලකට විසි කර තිබියදී යි සොයා ගෙන ඇත්තේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් තිදෙනෙකු පසුගිය බදාදා (15) ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයට කඩා මෙම සොරකම සිදු කර තිබුණා.

මුදල් සොරකම් කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වීම හේතුවෙන් ඔවුන් භාණ්ඩ රැගෙන පිටව ගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ.

මෙම සිද්ධියෙන් පසු ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ ආරක්ෂක හේතූන් මත එය වසා තබන බවයි.

කෙසේ වෙතත්, දින 5කට පසු එම මධ්‍යස්ථානයේ සේවා නැවත ආරම්භ කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52