spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය වීසා මධ්‍යස්ථානය කැඩූ 5ක් අල්ලයි

ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය වන IVS Pvt සමාගම කඩා එහි ඇතුළු වූ සැකකරුවන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයේ කාන්තාවක්, ඇයගේ අනියම් පෙම්වතා සහ තවත් තිදෙනෙකු සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරුවන් සතුව තිබී ලැප්ටොප් පරිගණකයක්, ජංගම දුරකථනයක්, ටැබ්ලට් පරිගණකයක් සහ ඩිජිටල් වීඩියෝ රෙකෝඩරයක් (DVR) ඇතුළු සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

සොරකම් කරන ලද ලැප්ටොප් පරිගණකය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතයාට අයත් එකක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, DVR කොටස් කිරුළපන ප්‍රදේශයේ ඇලකට විසි කර තිබියදී යි සොයා ගෙන ඇත්තේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් තිදෙනෙකු පසුගිය බදාදා (15) ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයට කඩා මෙම සොරකම සිදු කර තිබුණා.

මුදල් සොරකම් කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වීම හේතුවෙන් ඔවුන් භාණ්ඩ රැගෙන පිටව ගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ.

මෙම සිද්ධියෙන් පසු ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ ආරක්ෂක හේතූන් මත එය වසා තබන බවයි.

කෙසේ වෙතත්, දින 5කට පසු එම මධ්‍යස්ථානයේ සේවා නැවත ආරම්භ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?