spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය විදේශ කටයුතු ඇමතිට සනත්ගෙන් විශේෂ ස්තූතියක්

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්ට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය විශේෂ ස්තූතියක් පුදකර තිබෙනවා.

සිය නිල ට්ව්ටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමිනුයි ඔහු මේ බව පවසා ඇත්තේ.

ඉන්දීය සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට දිරිගැන්වීම සඳහා ඉදිරියේ දී එකට වැඩ කිරීමට බලාපොරොත්තු වන බවයි ජයසූරිය එම ට්ව්ටර් සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.

02 3

මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර අද (20) පැවති සාකච්ඡාවක දී එකඟතාව පළ වී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ‍විදේශ අමාත්‍යවරයා අතර හමුව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර, මෙහිදී ජනාධිපතිවරයා විසින් ඉන්දීය විදේශ අමාත්‍යවරයාව ඉතා සුහදශිලීව පිළිගනු ලැබුවා.

මෙම නිල සාකච්ඡාවලට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා කොළඹ, පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී විශේෂ සාකච්ඡාවකට ද එක් වුණා.

දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙන්ම ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඊයේ (19) මෙරටට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?