ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් චීනයට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් වික්‍රම් මිස්‍රි ලබන 26 සහ 27 දෙදින චීනයේ බීජිං හි නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ; ඉන්දියාව සහ චීනය අතර විදේශ ලේකම් – නියෝජ්‍ය ඇමති සංවාද යාන්ත්‍රණයේ හමුව සඳහා විදේශ ලේකම්වරයා බීජිං වෙත සංචාරය කරන බවයි.

මෙය තථ්‍ය පාලන රේඛාවේ (LAC) මිලිටරි ස්ථාවරය පිළිබඳ සිව් වසරක විරාමයෙන් පසු ඉන්දියාව සහ චීනය සියලු සංවාද යාන්ත්‍රණයන් පුනර්ජීවනය කරමින් සිටින බවට තවත් ඇඟවුමක්.

රුසියාවේ පැවති සමුළුවක දී අගමැති නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් විසින් අනුමත කරන ලද LAC හි මතභේදය අවසන් කිරීම සඳහා ඔක්තෝබර් 21 වන දින එකඟතාවයෙන් පසුව, විදේශ අමාත්‍යවරුන් සහ දෙරටේ ආරක්ෂක අමාත්‍යවරුන් අතර සාකච්ඡා මීට පෙර පැවැත්වුණා.

දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම, වීසා ගැටලු සාකච්ඡාවට ලක්වනු ඇතැයි අපේක්ෂිත ප්‍රධාන කරුණු වනවා.

මෙම ද්විපාර්ශ්වික යාන්ත්‍රණය නැවත ආරම්භ කිරීම දේශපාලන, ආර්ථික ඇතුළුව ඉන්දීය-චීන සබඳතා සඳහා ඊළඟ පියවර සාකච්ඡා කිරීම සඳහා නායකත්ව මට්ටමේ ගිවිසුමේ ප්‍රතිඵලයක් බවවිදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14