spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඉන්දීය විදෙස් ඇමති ඊයේ හමුවුනේ කාවද ?

මෙරට නිල සංචාරයේ නිරත වන ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ඊයේ පස්වරුවේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානය සමග පැවති සංවාදයේදී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඉඩම් පරිහරණය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ඩයස්පෝරා ආයෝජනය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

ඊට අමරතව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, වී රාධක්‍රිෂ්ණන් ඇතුළු පිරිසක්  සමග ද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?