ඉන්දීය රුපියලෙන් ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබුනොත් බස් ගාස්තු සහනයක් කඩිනමින්

ලබන ජූලි මාසය වනවිට හෝ ඊට පෙර බස් ගාස්තු සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබාදිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවා.

ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඩොලරයේ අගට අඩුවීම මත ඉන්ධන මිල ද අඩුවීම තුළ මෙම වාසිය ලබාදිය හැකි බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කිරීමට අවස්ථාව ලබාදුනහොත් මෙම වාසිය හැකි ඉක්මනින් මහජනතාව වෙත ලබාදිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙරට ධාවනය වන බස් සඳහා අවශ්‍ය අමතර කොටස් වැඩි වශයෙන් ආනයනය කිරීම ඉන්දියාවෙන් සිදුකිරීම හේතුවෙන් ඉන්දීය රුපියල් වලින් ගනුදෙනු කිරීමට අවස්ථාව ලබාදුන හොත් විශාල වාසියක් අත්වනු ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

එලෙස ගනුනුදෙනු කිරීමට අවස්ථාව හිමි වුවහොත් අමතර කොටස්වල මිල සෘජුවම 50%කින් පමණ අඩුවන බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48