spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය රුපියලෙන් ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබුනොත් බස් ගාස්තු සහනයක් කඩිනමින්

ලබන ජූලි මාසය වනවිට හෝ ඊට පෙර බස් ගාස්තු සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබාදිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවා.

ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඩොලරයේ අගට අඩුවීම මත ඉන්ධන මිල ද අඩුවීම තුළ මෙම වාසිය ලබාදිය හැකි බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කිරීමට අවස්ථාව ලබාදුනහොත් මෙම වාසිය හැකි ඉක්මනින් මහජනතාව වෙත ලබාදිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙරට ධාවනය වන බස් සඳහා අවශ්‍ය අමතර කොටස් වැඩි වශයෙන් ආනයනය කිරීම ඉන්දියාවෙන් සිදුකිරීම හේතුවෙන් ඉන්දීය රුපියල් වලින් ගනුදෙනු කිරීමට අවස්ථාව ලබාදුන හොත් විශාල වාසියක් අත්වනු ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

එලෙස ගනුනුදෙනු කිරීමට අවස්ථාව හිමි වුවහොත් අමතර කොටස්වල මිල සෘජුවම 50%කින් පමණ අඩුවන බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?