ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන ත්‍රීකුණාමලය වරායට සේන්දු වී තිබෙනවා.
එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මෙලෙස ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ Diving Support Vessel වර්ගයට අයත් ‘INS Nireekshak’ යුද නෞකාව, දිගින් මීටර් 70.5ක් සහ නැව් මුළුව 137 ගෙන් සමත්විතයි.
නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ජීතු සිං චවුහාන් (Cdr Jeetu Singh Chauhan) සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද උදෑසන එම විධාන මූලස්ථානයේදී සිදු කෙරුණා.
නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල නාවික හමුදා කිමිදුම් අංශය සමඟ කිමිදුම් පුහුණු වැඩසටහන් පැවැත්වීමට සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්වීමටද නියමිතයි.
එමෙන්ම, එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව තිබෙනවා.
‘INS Nireekshak’ නෞකාව 21 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.














KOYI WELAWAKA HARI INDIA CHINA MUN DEGOLLO PETALENAWA. AMARUWEN INNA APITA EHEMA INNA NODHEE ME MUSALAYO AHAKA INNA NAYI APE REDHDHA ASSE DANAWA.