spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය මුදල් අමාත්‍යවරිය දිවයිනට එයි – ඡායාරූප ගැනීමට තහනමක් ?

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය මෙරටට පැමිණ තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා අද උදෑසන මෙරටට ඇය පැමිණ ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළින් බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරිවරයා සනාථ කළේ.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග දූත පිරිසක් ලෙස තවත් එරට මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 06 දෙනෙකු ද පැමිණ තිබෙනවා.

මෙම පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානය අද පෙරවරු 08.31ට නවදිල්ල නුවර සිට මෙරටට ළඟා වුණා.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළේ සිට මහනුවර බලා පිටත් ව ගිය බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරිවරයා සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; ඉන්දීය මුදල් අමාත්‍යවරිය ප්‍රමුඛ දූත පිරිස මෙරටට් පැමිණීමේ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ගැනීමට ආරක්ෂක හේතූන් මත අවසරය හිමි නොවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?