spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය මගීන් 300ක් සමග ගුවන් යානයක් ප්‍රංශයේ නතර වෙයි

ඉන්දියානු මගීන් 303 දෙනෙකු රැගෙන නිකරගුවාව බලා පිටත් වීමට සූදානම් වූ ගුවන් යානයක් ප්‍රංශය විසින් නවතා තිබෙනවා.

එම සංචාරයේ කොන්දේසි සහ අරමුණු පිළිබඳව අධිකරණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි නැගෙනහිර මාර්න් කලාපයේ ප්‍රාදේශීය නිලධාරීන් ප්‍රකාශ කළේ.

සංවිධානාත්මක අපරාධ පිළිබඳ විශේෂඥ ඒකකය මිනිස් ජාවාරම් පිළිබඳ විමර්ශනය කරන අතර ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

රජයේ නඩු පවරන කාර්යාලය පැවසුවේ, බලධාරීන්ට නිර්නාමික ඔත්තුකරුවෙකු විසින් මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති බවයි.

රුමේනියාවේ සමාගමක් වන ලෙජන්ඩ් එයාර්ලයින්ස් වෙත අයත් ගුවන් යානය ඩුබායි සිට පිටත්ව ගොස් බ්‍රහස්පතින්දා දහවල් වට්‍රි ගුවන් තොටුපළට ගොඩ බැස්ස වූ අවස්ථාවේ ආරක්ෂක අංශ එය පිටත්ව යාම අවහිර කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යාංශය මෙතෙක් අදහස් දක්වා නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?