ඉන්දීය බහුදින යාත්‍රා 2ක් සමග ධීවරයන් 15ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02ක් සහ ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව හා එක්ව ඊයේ රාත්‍රී යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟිනුයි මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ.

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී, අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්‍ෂණය කර, වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා එම යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් මෙහිදී සිදු කර තිබෙනවා.

එහිදී, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් ප15 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

නාවික හමුදාව සඳහන් කළේ 2023 වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 12ක් සමඟ ඉන්දීය ධීවරයින් 74ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57
Video thumbnail
සංචාරකයින් ගිය බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර - යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:36
Video thumbnail
ඉක්මණට නඩු අහනවාට විපක්ෂය බයයි? සති 2න් 3න් නඩු තීන්දු එනවනේ
05:26
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:47
Video thumbnail
පොලිස්පතිට කළ ප්‍රකාශයට පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? මේක නීතියේ අධිපත්‍යයට කරපු තර්ජනයක්
05:41
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්නේ - චානක පොලිස් ඇමති එක්ක ගේම ඉල්ලයි
02:46
Video thumbnail
වයස 65ක් කියන්නේ තාම තරුණයි - විශ්‍රාම වයස වැඩිකිරීම සුදුසුයි
09:28
Video thumbnail
මහානායක හිමියන්ලා ඉන්නේ සැකපිටද ?රජය වෙනුවෙන් කතාකරන්න ජනාධිපති නීතිඥයින් නෑ
11:54
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26