spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය අද

ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (17) දින රාත්‍රියේදී පැවැත්වෙනවා.

ඒ දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කාන්තා කණ්ඩායම් අතරයි.

මෙම තරගය දිල්ලි හි පිහිටි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයේදී අද (17) දින මෙරට වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙහිදී දිල්ලි කණ්ඩායමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා මෙග් ලැනින් නායකත්වය ලබා දෙන අතර බැංගලෝර් කණ්ඩායමට සිම්රිට් මන්දනා විසින් නායකත්වය ලබා දෙනවා.

මෙම තරගාවලිය තුල මේ වන විට අදාළ කණ්ඩායම් දෙක දෙවතාවක් තරගවැදී ඇති අතර එම අවස්ථා දෙකේදීම තරගය ජයගෙන ඇත්තේ දිල්ලි කණ්ඩායමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?