ඉන්දීය ක්‍රීඩක දීපක් හූඩා සැකකටයුතු පන්දු යවන්නන්ගේ ලැයිස්තුවට

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක දීපක් හූඩා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සැකකටයුතු පන්දු යවන්නන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

ඒ, අනුව ඔහුට පන්දු යැවීම තහනම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට දින දෙකකට පෙර දීපක් හූඩාව මෙලෙස එම ලැයිස්තුවට ඇතුළත් කිරීම ද විශේෂත්වයක්.

ඔහුගේ සැකකටයුතු පන්දු යැවීමේ ඉරියව්ව හේතුවෙන් මෙලෙස ඔහුව එම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

2024 අයි.පී.එල්. තරග වාරයේ දී ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම නියෝජනය කළ දීපක් හූඩා මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කර කිරීමටයි ලක්නව් කණ්ඩායම කටයුතු කළේ.

මේ අතර 2025 අයි.පී.එල්. තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය හෙට (24) සෞදි අරාබියේ ජෙඩාහිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙවර වෙන්දේසිය වෙනුවෙන් ඉන්දියානු 1,165ක් සහ විදෙස් ක්‍රීඩකයින් 409ක් ඇතුළුව ක්‍රීඩකයින් 1,574ක් වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58